Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2024 16:22:28 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව රටේ පවතින බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම මේ විට සිදුකරමින් පවතී. ඊට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි කඳවුරු පරිශ්‍රය තුල ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත කිලෝවොට් 125 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 03) දින විවෘත කරන ලදී. මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මසකට කිලෝවොට් පැය 15000 ක විදුලියක් ජනනය කරන අතර, එමඟින් ලැබෙන ආදායමෙන් කොටසක් භටපිරිස්හි සුබසාධනය සඳහා වෙන් කරනු ලබයි.

විවෘත කිරීමේ අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.