Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2024 17:42:29 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ජංගම රාජකාරියෙහි නිරත භටපිරිස් සඳහා නවාතැන් සංකීර්ණයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, ජංගම රාජකාරියෙහි නිරත භටපිරිස් සඳහා වවුනියාව බස් නැවතුම්පොළ පරිශ්‍රයේ නවීකරණය කරන ලද නවාතැන් සංකීර්ණය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්.නානායකකාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 06) දින විවෘත කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පිහිටි 22 ඉංජිනේරු සේවා බලඝණය විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

එම අවස්ථාවට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.