2023-06-29 21:45:30
මානුෂවාදී හමුදාවක් ලෙස සහෝදරත්වයේ බැදීම් ශක්තිමත් කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි 68 පාබල සේනාංක මූලස්ථානයේ සියලුම නිලයන් තම පුද්ගලික මූල්‍ය දායකත්වය ලබාදෙමින් මුල්ලිවයික්කාල් (නැගෙනහිර) පදිංචි ලාන්ස් කෝප්රල් පී.කේෂියා සහ ඇයගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට අවශ්‍ය කටයතු සම්පාදනය කරනු ලැබීය.
2023-06-25 09:55:09
රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නව නිවාස ඉදිකිරීමේ...
2023-06-24 18:00:15
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ සංකල්පයකට අනුව හබරකඩ ඉන්ජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි නිෂ්පාදිත ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හි ප්‍රයෝජනය වෙනුවෙන් ස්ථාපනය කරනු ලැබීය.
2023-06-21 19:48:18
පුත්තලම ප්‍රදේශයේ පිහිටි 143 පාබල බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් එම මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය පසුගියදා විවෘත කරන ලදී. 143 පාබල බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 16 ගජබා රෙජිමේන්තුව සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම භාවිතා කරමින් මාස 16 කට අඩු කාලයක් තුළදී මෙම නිවස්නය ඉදිකරනු ලැබීය.
2023-06-21 16:51:03
යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් 483 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ සුරතින් ප්‍රතිලාභීන් වෙත වියළි සහ නැවුම් ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි.
2023-06-12 19:31:29
ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ආරම්භ කරන ලද එම රෙජිමේන්තුවේ නිවාස අවශ්‍යතා සහිත සාමාජිකයන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අවශ්‍යතා සහිත රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් තවත් නිවාස දෙකක් ඉදිකර පසුගිය සෙනසුරාදා (10) දින ඔවුන් වෙත පවරාදුන්හ.
2023-06-12 18:57:36
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල්...
2023-06-12 18:52:36
පලාලි යුද්ධ හමුදා මුලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද රසායනාගාරය සහ ඔසුසැල මැයි මස 29 දින ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් විවෘත කෙරිණි.
2023-06-10 17:31:27
සුජීව ද සිල්වා මහතා ඇතුළු දානපතියන් කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (ජුනි මස 06) දින කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරයක නිරත...
2023-06-09 18:36:24
වීරවිල වැව අභියස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘The Repose’ නිවාඩු නිකේතනය ජුනි මස 02 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් විවෘත කෙරිණි.