Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2023 18:00:15 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හි ප්‍රයෝජනය වෙනුවෙන් නව ජල පිරිපහදු බලාගාරයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ සංකල්පයකට අනුව හබරකඩ ඉන්ජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි නිෂ්පාදිත ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හි ප්‍රයෝජනය වෙනුවෙන් ස්ථාපනය කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සේවයේ නියුතු භටපිරිස්හි සුබසාධනය වෙනුවෙන් ස්ථාපනය කරනු ලැබූ මෙම නව ජල පිරිපහදු බලාගාරය පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 22) දින පැවති කෙටි උත්සවයකදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ සුරතින් විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.