Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2023 19:31:29 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ කන්තලේ සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ තවත් නව නිවාස දෙකක් ඉදිකෙරේ

ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ආරම්භ කරන ලද එම රෙජිමේන්තුවේ නිවාස අවශ්‍යතා සහිත සාමාජිකයන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අවශ්‍යතා සහිත රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් තවත් නිවාස දෙකක් ඉදිකර පසුගිය සෙනසුරාදා (10) දින ඔවුන් වෙත පවරාදුන්හ.

එම නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කන්තලේ, ජනසවිගම ප්‍රදේශයේ පදිංචි එම ඒකකයේ නිවාස අවශ්‍යතා සහිත සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ. මෙම නිවාසලාභී යුද්ධ හමුදා සාමාජිකයා දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වේ.

රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දෙහිඅත්තකණ්ඩිය, නාගස්වැව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකුවන තවක් නිවාස අවශ්‍යතා සහිත විරුවෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකර එම නිවාසලාභියා වෙත පවරාදුන්හ.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් පරිදි එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් මෙම ව්‍යාපෘතීන්හි අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබූහ.

මෙම ව්‍යාපෘතියේ පුරෝගාමියා ලෙස කටයුතු කළ ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මීට මාස කිහිපයකට ප්‍රථම තවත් නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා සහභාගී විය.

මෙම නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.