Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සුභ සාධක

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

    2023-04-27 17:49:27

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

    සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කුකුළේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල වෙතින් එම පුහුණු පාසල් ක්‍රීඩා පිටියේදී පසුගිය සිකුරාදා (21) දින අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර එම උත්සවය සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.

  • 1 වන බලකා මූලස්ථානයේදී ධර්ම දේශනා පිංකමක් පැවැත්වේ

    2023-04-26 18:30:48

    1 වන බලකා මූලස්ථානයේදී ධර්ම දේශනා පිංකමක් පැවැත්වේ

    1 වන බලකා මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන්ගේ මානසික සෞඛ්‍යය සහ ආයතනික වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකා මූලස්ථානය වෙතින් පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින කිලිනොච්චිය ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී ධර්ම දේශනාවක් පැවැත්වීය.

  • 1 වන බලකා මූලස්ථානයේදී ධර්ම දේශනා පිංකමක් පැවැත්වේ

    2023-04-26 17:59:02

    1 වන බලකා මූලස්ථානයේදී ධර්ම දේශනා පිංකමක් පැවැත්වේ

    1 වන බලකා මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන්ගේ මානසික සෞඛ්‍යය සහ ආයතනික වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකා මූලස්ථානය වෙතින් පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින කිලිනොච්චිය ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී ධර්ම දේශනාවක් පැවැත්වීය.

  • වන්නි ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සුමදුර ධර්ම දේශනාවක්

    2023-04-25 18:30:20

    වන්නි ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සුමදුර ධර්ම දේශනාවක්

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් එම මූලස්ථානයේ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු නාවික, ගුවන් හමුදා සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ’ වැඩසටහන සඳහා බෙලිහුල්ඔය භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති බලංගොඩ රාධ හිමියන් විසින් පසුගිය සඳුදා (24) දින ධර්ම දේශනාවක් සිදුකරනු ලැබීය.

  • ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ සංචාරයක

    2023-04-25 18:20:20

    ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ සංචාරයක

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පසුගිය සඳුදා (24) දින රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එම මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූවේය.

  • ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ සංචාරයක

    2023-04-25 17:51:16

    ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ සංචාරයක

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පසුගිය සඳුදා (24) දින රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එම මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූවේය.

  • 1 බලකායේ භටපිරිස් ඉෆ්තාර්’ උත්සවය සමරයි

    2023-04-24 18:25:00

    1 බලකායේ භටපිරිස් ඉෆ්තාර්’ උත්සවය සමරයි

    1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්. යූ. එම්. එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි සහ එම බලකායේ සියලුම නිලයන් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ සියලුම ජනවාර්ගික ප්‍රජාවන් අතර සිවිල්-හමුදා සහයෝගීතාවය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් සිකුරාදා (21) දින කිලිනොච්චියේ මුස්ලිම් ජනතාව සමග කිලිනොච්චියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඔවුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍රය ඉටු කිරීමේ උත්සවයට සහභාගී වූහ.

  • 681 පාබල බලසේනාවෙහි සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ට අවුරුදු ත්‍යාග

    2023-04-21 21:40:47

    681 පාබල බලසේනාවෙහි සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ට අවුරුදු ත්‍යාග

    යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 681 පාබල බලසේනා මූලස්ථානයට අනියුක්තව සේවයේ නියුතු භටපිරිස් අලුත් අවුරුදු දින (අප්‍රේල් මස 14) එම බලසේනාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 11 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

    2023-04-19 20:30:14

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

    සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස්හි මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 28 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

    2023-04-19 20:15:14

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

    යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සංකල්පයකට අනුව සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය නිමිති කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම මූලස්ථානයේදී පැවැත්විණි.