2023-05-31 20:20:57
ගැමුණු හේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී ගේ සංකල්පයකට අනුව ගැමුණු හේවා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ දෙමාපියන්ගේ උදාර පරිත්‍යාගය සහ කැපවීම ඇගයීමේ උත්සවයක් කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය සෙනසුරාදා (මැයි 20) දින පවත්වන ලදී.
2023-05-31 20:14:08
ආරක්ෂක සේනා මූලස්ථාන - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 15 වන සංවත්සරයට සහ 14 වන ජාතික රණවිරු දිනයට සමගාමීව 61 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සිසුන් සඳහා ‘රණවිරු අභිනන්දන පූජා 2023’ නමින් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 61 පාබල සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2023-05-31 19:59:11
යාල ප්‍රදේශයේ පිහිටි 23 ගජබා රෙජිමේන්තු ඒකකයේ අභිනවයෙන් ඉදිකරන ලද ආපනශාලා සංකීර්ණය ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් මාර්තු මස 27 දින විවෘත කරන ලදී.
2023-05-30 21:53:34
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සෙබළෙකු සඳහා ඉදිකරනු ලැබු නව නිවස නිවාසලාභියා වෙත නිල වශයෙන් භාරදීම ඉකුත් සිකුරාදා (26) දින කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සිදුකරනු ලැබීය.
2023-05-26 11:05:07
විජයබාහු පාබල රෙජිමේන්තුවේ පියා ලෙස සැලකෙන එම රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් ජාලිය නම්මුණි වෙත දක්වන ගෞරවයක් වශයෙන් කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකරනු ලැබූ ‘මේජර් ජෙනරාල් ජාලිය නම්මුනි’ ක්‍රීඩාගාරය පසුගිය සෙනසුරාදා (මැයි මස 20) දින පැවති උත්සවයකදී මේජර් ජෙනරල් ජාලිය නම්මුණි (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබීය.
2023-05-23 14:07:01
යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් දක්වනු ලබන දායකත්වය යලිත් තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (මැයි මස 23) දින අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දස්කම් දක්වන කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ සිවිල් සේවක මහතෙකුගේ පාසල් සිසු සිසුවියන් දෙදෙනෙකු වෙත ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාග කරනු ලැබීය.
2023-05-19 19:27:09
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නිලධාරි නිවස්නය පසුගිය බ්‍රහස්පතින්දා (18) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කෙරිණි.
2023-05-18 22:17:06
කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් දේශනයක් පසුගිය බදාදා (17) දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දේශන ශාලාවේදී පැවැත්විණි.
2023-05-12 18:00:46
වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් උත්සවය නිමිත්තෙන් වත්තල, හේකිත්ත, රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින රණවිරුවන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම නගා සිටුවීමේ අරමුණින් ‘සීල සමාධි’ ආගමික වැඩසටහනක් පසුගිය සිකුරාදා (02) දින එම මධ්‍යස්ථානයේදී පැවැත්විය.
2023-05-11 19:20:56
2009 මැයි මාසයට ප්‍රථම පැවති උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී 3 ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි ඉටුකරමින් සිටියදී දිවිපිදූ විශේෂ බලකායේ දිවංගත මේජර් සේපාල දහනායක අනුස්මරණය කරමින් 58 පාබල සේනාංක මූලස්ථානය වෙතින් වෙසක් පුර පසලොස්වක පොහෝ දින (මැයි මස 05) පිංකම් මාලාවක් සංවිධානය කරනු ලැබීය.