2023-07-20 21:17:30
යුද්ධ හමුදා භටපිරිස්හි මානසික සමතුලිතතාවය සහ ආධ්‍යාත්මික...
2023-07-18 20:36:05
කොස්ගම ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකරනු ලැබූ නේවාසික පහසුකම් සහිත ගොඩනැගිල්ල පසුගිය සඳුදා (ජූලි මස 17) දින විවෘත කර එම බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පවරාදෙනු ලැබීය.
2023-07-14 22:00:39
පනාගොඩ ප්‍රදේශයේ පිහිටි 1 ඉංජිනේරු සේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බුදු මැදුර පසුගිය බ්‍රහස්පතින්දා (13) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කරනු ලැබූ අතර ඊට සමගාමීව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් වෙත දිරි දීමනා ද ප්රදානය කරනු ලැබීය.
2023-07-12 20:28:37
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණය ඉකුත් සෙනසුරාදා (ජූලි මස 8) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී විසින් විවෘත කරන ලදී.
2023-07-12 20:12:21
පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ඉදිකෙරෙමින් පවතින නවාතැන් පහසුකම් සංකීර්ණයේ පළමු මහල පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින විනයාරක්ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.සි.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ සුරතින් විවෘත කළේය.
2023-07-12 20:07:50
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ‘සෙබළ සිතට දහම් සිසිල’ තේමාව ඔස්සේ ජූලි මස 08 දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තු පරිශ්‍රයේදී වැලිමඩ සද්ධාශීල හිමිපාණන් විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලැබීය.
2023-07-10 23:01:45
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන පහසුකම් තවදුරටත් පුළුල් කරමින් භටපිරිස් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව භඨනිවාසයක් පසුගිය දා විවෘත කරනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ රෙජිමේන්තු සැරයන් මේජර් නිවස්නය, නව පරිපාලන සංකීර්ණය සහ භඨනිවාසය ද පසුගිය සෙනසුරාදා (ජුලි මස 08) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කෙරිණී.
2023-07-05 19:28:42
24 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්වල ඒකාකාරී රාජකාරි රටාවෙන් බැහැරව විනෝදාස්වාදය සහ විවිධත්වය ලබා දීමේ අරමුණින් 24 පාබල සේනාංක මූලස්ථානය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (2023 ජුනි 30) දින අම්පාර සහ නැඟෙනහිර පළාතේ විනෝද චාරිකාවක් සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින්ටද සහභාගී විමේ අවස්ථාව උදාවිය.
2023-07-04 13:07:17
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතීන්හි තවත් එක් අදියරක් ලෙස ඇඹිලිපිටිය සහ කුරුවිට ප්‍රදේශයන්හි ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් නිවාස අහිමි රණවිරුවන් දෙපළක් වෙත පසුගිය සදුදා (ජුලි මස 24) දින පවරාදෙනු ලැබීය.
2023-06-29 22:44:29
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාව දැනට ක්‍රියාත්මක කරනු ලබන...