Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2023 18:52:36 Hours

පලාලි යුද්ධ හමුදා මුලික රෝහල් පරිශ්‍රයේ ඉදිකළ රසායනාගාරය සහ ඔසුසැල

පලාලි යුද්ධ හමුදා මුලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද රසායනාගාරය සහ ඔසුසැල මැයි මස 29 දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම නව ගොඩනැගිල්ලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් සිදුකරන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.