Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2023 17:31:27 Hours

‘අභිමංසල - 2’ සුවතා නිකේතනය වෙත නව ජල පිරිපහදු පද්ධතියක්

සුජීව ද සිල්වා මහතා ඇතුළු දානපතියන් කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (ජුනි මස 06) දින කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ පුනරුත්ථාපනය වන සහ සුවය ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් නව ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කළහ.

එම කණ්ඩායම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන්ගේ සුවදුක් විමසා බැලීය. මෙම අවස්ථාව සඳහා ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයේ සේනාවිධායක කර්නල් ජී.ජී.ආර්. මාදුගොඩ යූඑස්පී ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගී වූහ.