Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2023 16:20:03 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 44’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 44’ හි සහතිකපත්‍ ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා (මැයි මස 20) දින පැවැත්විණි.

මාසයක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 54 දෙනෙකු සහභාගී වූහ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී I ඒ.සී.බී.ඒ.ඩී.ආර්. බණ්ඩාර සම්මාන දිනාගත්තේය.

මෙම අවස්ථාව සඳහා අම්පාර සටන් පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.