12th May 2023 18:06:53 Hours
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් වෙනුවෙන් දියතලාව ‘Torch’ සිනමා ශාලාවේදී ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම’ යන මැයෙන් දැනුවත් කිරීමේ දේශනයක් පසුගිය බදාදා (10) දින පවත්වන ලදී.
මෙම දැනුවත් කිරීමේ දේශනය දී මනෝ වෛද්‍ය උපදේශක සහ යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්.එම්.එම් මොණරාගල යූඑස්පී විසින් පවත්වන ලදී.
නීති විරෝධී සහ අන්තරායකර මත්ද්‍රව්‍ය වර්ග භාවිතය පිළිබඳව ද අවධානය යොමු කරමින් පැවැත්වූ මෙම දේශනයට බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්.එම්.එම් මොණරාගල යූඑස්පී ගේ සහායට වෘත්තිකයන් දෙදෙනෙකු ද සහභාගී විය. එහිදී නීති විරෝධී මත් ද්‍රව්‍ය සහ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් ඇති වන අහිතකර බලපෑම පිළිබඳව ද වැඩි දුරටත් සාකච්ඡා කරනු ලැබීය.
දේශනය සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ ඒ යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතන, පුහුණු පාසල් සහ ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන් 30 දෙනෙකු සහ සෙසු නිලයින් 300 දෙනෙකු සහභාගී විය.