Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2023 18:28:34 Hours

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පවත්වනු ලැබූ තවත් පාඨමාලාවක් සාර්ථකව අවසන්

කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පවත්වනු ලැබූ II වන මට්ටමේ රෝහල් සඳහා වන පෙර පුහුණු පාඨමාලාව අවසන් කරන ලද හමුදා සාමාජිකයන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (මැයි මස 12) දින එම පුහුණු ආයතන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

පාඨමාලාව අප්‍රේල් මස 24 දින සිට මැයි මස 12 දින සඳහා පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ නිලධාරීන් 17 දෙනෙකු හා සෙසු නිලයින් 75 දෙනෙකුද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එක් නිලධාරියෙකුද සහභාගී වූහ.

දකුණු සුඩානයේ II මට්ටමේ රෝහලේ වල රාජකාරියෙහි යෙදවීමට නියමිත නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා පෙර පුහුණුවීමක් ලබාදීම මෙම පාඨමාලාව තුලින් සිදුකෙරේ. විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහය ඇතිව පාඨමාලාවේ විෂය නිර්දේශය සැලසුම් කර ඇති අතර, එමගින් සෑම සාම සාධක භටයෙකුටම තම රාජකාරි නිසියාකාරව සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබාදෙයි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී විසින් පාඨමාලාව සාර්ථකව හදාරනු ලබූ නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සහතිකපත් ප්‍රදානය කළ අතර, අනතුරුව සමාප්ති දේශණය සිදුකරනු ලැබීය. උත්සවය අතරතුර දී බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී පාඨමාලාවේ සියලුම නිලයන් වෙත සුභ පැතුම් පිරිනමන ලදී.