11th May 2023 19:00:47 Hours
යුද්ධ හමුදා ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්යය සහ මානසිකත්වය ඉහල නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් පී. ඒ. එම් පීරිස් විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව මනෝවිද්‍යාව පිළිබඳ පුහුණු වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (මැයි 4) දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිහිටි යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේදී පවත්වන ලදීි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ නියෝජ්‍ය සභාපති සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබිලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ යෝජනාවකට අනුව යුද්ධ හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකයින් සහ යුද්ධ හමුදා කඹ ඇදීමේ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම මනෝවිද්‍යාත්මක පුහුණු වැඩසටහන පවත්වන ලදී.
යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් වී.එම්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. මනෝවිද්‍යාව පිළිබඳ පුහුණු උපදේශකවරියක වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කපිතන් සමන්තා රූපා විසින් හරවත් දේශනයක් පවත්වනු ලැබීය.