02nd July 2024 16:35:35 Hours
යුද්ධ හමුදා තූර්ය වාදක රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම අධ්‍යක්‍ෂ මණ්ඩලයෙහි රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ දේශන මාලාවක් රත්මලාන, යුද්ධ හමුදා තූර්ය වාදක රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී පසුගියදා පැවැත්විණි.
එම දේශන මාලාවේ පළමු දේශනය ‘ගිනි නියෝග’ යන මැයෙන් 2024 ජූනි මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බළලත් නිලධාරි I ඩී.එම්.පී.එස් දිසානායක විසින් පවත්වන ලදී. අනතුරුව, 2024 ජුනි මස 26 දින ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ කපිතන් පී.එස් හෙට්ටිආරච්චි විසින් ‘ආහාර පරිභෝජනය’ යන මැයෙන් දේශනයක් පවත්වමින් හමුදා සාමාජිකයන්ගේ ජීවන පැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සමබර පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදුවල වැදගත්කම පිළිබදව කරුණු අවධාරණය කරන ලදී.
මෙම දේශනයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.