Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2024 22:32:39 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර, නිලධාරීන් සඳහා අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් වැඩමුළුවක් පවත්වයි

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත පිරිසක් විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර දී අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් (MISO) පිළිබඳ දෙදින වැඩමුළුවක් 2024 ජුනි මස 26 සහ 27 යන දිනයන්හිදී පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්. ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර, නිලධාරීන්ගේ එම විෂය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත ලොයිඩ් ගිලට් (Mr. Lloyd Gillett) සහ සන්නද්ධ හා ආරක්‍ෂක වැඩසටහන් උපදේශක එල්.සී චන්න ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 30 දෙනෙකු සහභාගී වූහ.