2024-05-03 12:55:06
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් 2024 අප්‍රේල් මස 30 දින නිපුණතා සංවර්ධන පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසුනිලයන් 87 දෙනෙකු වෙනුවෙන් සහතිකපත් පිරිනැමිණි. එහිදී, බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - 1/2024 (නිලධාරී), බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - 1/2024 (සෙසුනිල), රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර පාඨමාලාව 1/2024 (නිලධාරී), මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කළමනාකරණ පාඨමාලාව 1/2024 (නිලධාරි) සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මූලික පාඨමාලා අංක - 44 (සෙසුනිල) යන පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සහතිකපත් පිරිනැමිණි.
2024-05-03 12:52:46
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය වෙතින් 2024 අප්‍රේල් මස 30 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වන ලදී.
2024-05-03 12:50:52
12 ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 පෙබරවාරි මස 14 සිට අප්‍රේල් මස 03 දින දක්වා කාලය තුළ නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 284 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.
2024-04-30 20:19:33
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024 සඳහා වූ නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 අප්‍රේල් මස 25 දින සාර්ථකව පවත්වන ලදී.
2024-04-30 19:58:36
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි මාලදිවයින් භටපිරිස්හී පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 අප්‍රේල් මස 10 දින පැවැත්විණි.
2024-04-30 19:55:13
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ‘මිසයිල අවි පාඨමාලා අංක - 56’ හි සමාප්ති උත්සවය 2024 අප්‍රේල් මස 25 දින සාර්ථකව පැවැත්විණි.
2024-04-30 19:52:52
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමේ අරමුණින් 2024 අප්‍රේල් මස 26 දින 21 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වැඩමුළුවක් පැවැත්වීය.
2024-04-26 14:50:00
52 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් එම සේනාංක මූලස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 25) දින මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වැඩමුළුවක් පවත්වන ලදී.
2024-04-25 12:25:45
භකාස අණසක ආඥාපති - නැගෙනහිර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ ගේ මඟපෙන්වීම යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව එම මූලස්ථාන බළප්‍රදේශයට අයත් භඨකාර්ය සම්පාදක බලඇණිවල භටපිරිස් අතර සහයෝගය සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් සියයක පමණ භටපිරිස් ප්‍රමාණයක සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් මස 21 දින ‘Green - Rail Walk’ නමින් පාගමනක් පැවැත් වූහ.
2024-04-24 18:08:54
‘Metropolitan Technologies’ සීමාසහිත පුද්ගලික සමාගම වෙතින් 2024 අප්‍රේල් මස 22 සහ 23 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී දර්පණ රහිත නිශ්චල කැමරා තාක්ෂණය සහ වීඩියෝ කැමරා තාක්ෂණය පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.