Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2024 18:15:14 Hours

කමාන්ඩෝ සත්‍ය ආරක්‍ෂක සටන් කලා පාඨමාලා අංක - 05 සාර්ථකව අවසන්

කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා පවත්වනු ලැබූ කමාන්ඩෝ සත්‍ය ආරක්‍ෂක සටන් කලා පාඨමාලා (Real Fighting System) අංක - 05 පසුගිය දා සාර්ථකව අවසන් විය.

මෙම පාඨමාලාව 2024 මැයි මස 02 දින සිට ජූනි මස 11 දින දක්වා ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිලධාරියෙකු සහ සෙසුනිලයන් 33 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ අතර, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.වී.අයි.එල්.එල් ජයවීර යූඑස්පී ගේ අධීක්‍ෂණය මත ආත්මාරක්‍ෂක සටන් කලාව පිළිබඳ විශේෂඥයින් හත් දෙනෙකු විසින් මෙම පාඨමාලාවේ උපදේශනයන් සහ පුහුණු කිරීම් කටයුතු සිදුකරන ලදී.