Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2024 13:35:14 Hours

උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 11 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය - ගම්පොළ මගින් 2024 ජූනි මස 10 දින සිට 28 දින දක්වා උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 11 ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.

මෙම පාඨමාලාව සඳහා සිසුන් 58 දෙනෙකු සහභාගී වූ අතර, කුසලතා අනුපිළිවෙලින් එහි පළමු ස්ථානය විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් බී.එම්.සී.එච්. වික්‍රමසේන විසින් හිමිකර ගන්නා ලදී. පාඨමාලාවේ සමාප්ති දේශනය යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ආර්.එම්.එච්.පී.කේ. රත්නායක විසින් පවත්වන ලදී.