2023-09-26 21:12:11
අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් කණ්ඩායම් ශූරතාව - 2023 අවසන් තරඟය පනාගොඩ ගෟහස්ථ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘ඒ’ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘බී’ කණ්ඩායම අතර පැවැත්විය.
2023-09-26 08:08:07
‘ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලිය - 2023’ සැප්තැම්බර් මස 18 සිට 19 දින දක්වා කොළඹ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවති අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා කරාතේ ක්‍රීඩකයින් සහභාගී වූහ.
2023-09-22 21:15:20
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා තරඟාවලිය - 2023’ පුරා දින තුනක් පැවැත්වීමෙන් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. තරඟාවලියේදී ක්‍රීඩා ඉසව් 24 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට අධික සංඛ්‍යාවක් තරඟ වැදුණු අතර, එහිදී නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා වාර්තා බිහිකෙරිණි.
2023-09-20 20:52:24
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා මළල ක්‍රීඩා තරඟාවලිය - 2023’ යුද්ධ හමුදා ස්වෙච්ඡා ඒකකයන්හි ක්‍රීඩකයින් 342 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 79 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් මස 19 දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2023-09-14 20:17:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා බලඇණි දෙකක් ඇතුළුව යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 208 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සැප්තැම්බර් මස 8 සිට 10 දක්වා පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථක්රීඩාගාරයේදී පවත්වන ලදී.
2023-09-13 20:13:46
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ජෙරිමේන්තුව සංවිධානය කරනු ලැබු අන්තර් රෙජිමේන්තු පාපැදි ශූරතාවලිය - 2023 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තුවේ ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළු පාපැදිකරුවන් 133 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 7 සහ 8 දිනයන්හිදී උඩවලව ප්‍රදේශයේදී පවත්වන ලදී.
2023-09-13 08:12:45
පසුගියදා පැවැති ‘සමස්ත ලංකා ශක්ති බර ඉසිලීමේ තරඟාවලියේ’ පිරිමි කාණ්ඩයේ සමස්ත ජාතික ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයන් සමත්වූහ. වාද්දුව විජය කුමාරතුංග ශ්‍රවණාගාරයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 09) දින පැවති තරගාවලිය සඳහා තවත් ප්‍රතිවාදී කණ්ඩායම් දහයක් සහභාගී වූහ.
2023-09-13 08:10:44
‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි කරාටේ ශූරතාවලිය - 2023’...
2023-09-13 08:06:47
ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සතු ක්‍රීඩා කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ දේශනයක් ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් අගෝස්තු මස 31 දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2023-09-13 08:03:56
‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු...