Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2023 21:02:13 Hours

‘681 පාබල බලසේනා ක්‍රිකට් ශූරතාවලියේ’ ශූරතාවය 6 ගැමුණු හේවා බලකායට

යුද්ධ හමුදා ඒකකයන් අතර සහයෝගීතාවය සහ යුද්ධ හමුදා භටපිරිස්හි ක්‍රීඩා කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 681 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත 68 පාබල සේනාංකය යටතේ උදයාර්කට්ටු ප්‍රදේශයේ ස්ථාපිත 681 පාබල බලසේනා මූලස්ථානය වෙතින් පසුගිය සිකුරාදා (ජූලි මස 14) දින ‘681 පාබල බලසේනා ක්‍රිකට් ශූරතාවලිය’ සංවිධානය කරනු ලැබීය.

මෙම තරඟාවලිය සඳහා 681 පාබල බලසේනාව, 6 ගැමුණු හේවා බලකාය සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වූහ. තියුණු තරඟයකින් අනතුරුව අවසන් මහා තරඟයේදී 6 ගැමුණු හේවා බලකා කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනාගත් අතර අනුශූරතාවය 681 පාබල බලසේනා කණ්ඩායම වෙත හිමිවිය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගි විය.

ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සියැසින් දැකබලාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.