23rd July 2023 16:41:46 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සහ සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් අතර ජුලි මස 22 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සුහද වොලිබෝල් තරඟයක් පැවැත්විණි.
තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායමට හිමිවිය.
ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සම්මේලනය වෙතින් ජාත්‍යන්තර තරඟාවලි සඳහා වොලිබෝල් ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.
ජුලි මස 19 සිට 23 දින දක්වා පැවති මෙම සුහද තරඟාවලිය සඳහා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් 9 ක් සහභාගී විය.