2023-09-04 19:16:18
ඔලිම්පික් ජූඩෝ කමිටුවේ අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ආධුනික ජූඩෝ ශූරතාවලිය අගෝස්තු මස 27 සිට 29 දින දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වූ අතර, එහි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ජූඩෝ කණ්ඩායම විසින් හිමිකරගත්හ.
2023-08-31 20:15:13
ඕස්ට්‍රේලියාවේ ‘Melbourne Rebels’ සහ ‘Rugby Victoria’ සමාජ විසින් සංවිධානය කරන ලද සත් සාමාජික රගර් තරගාවලිය CR & FC පිටියේදී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 29) දින පැවති අතර, එහි ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා රගර් කණ්ඩායම සමත්විය.
2023-08-31 19:31:00
‘අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය - 2023’ මෙවරත් රෙජිමේන්තු 12 ක් නියෝජනය කරනු ලැබූ තරඟකරුවන් 72 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය ඉරිදා (අගෝස්තු මස 27) දින ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී පැවැත්විණි.
2023-08-30 20:12:01
ලන්ඩන් නුවර පැවති...
2023-08-30 19:44:07
‘අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2023’ අගෝස්තු මස 22 දින සිට 25 දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනාගැනීමට සමත්වූහ.
2023-08-29 21:57:49
සහකාර ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලාව - 129 සහ මූලික පිහිනුම් පාඨමාලාව - 166 හි විසිරයාමේ පෙළපාලිය අගෝස්තු මස 18 දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි.
2023-08-28 22:47:36
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 523 පාබල බලසේනාව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 22) දින යාපනය, අල්ලාරෙයි ප්‍රදේශයේ පිහිටි 7 විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2023-08-28 22:45:22
‘ආරක්ෂක සේවා පැසිපන්දු තරඟාවලිය - 2023’ හි අවසන් අදියරේ තරඟ අගෝස්තු මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2023-08-28 22:14:41
දිවුලපිටිය, මරදගහමුල ‘අයන් රයිඩර්ස්’ (Iron Riders) ක්‍රීඩා සමාජය වෙතින් සංවිධානය කරනු ලැබූ පාපැදි තරඟාවලියේ පිරිමි කාණ්ඩයේ 03, 04, 05, 06, 15 සහ 17 යන ස්ථාන ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි තරඟකරුවන් සමත්වූ අතර යුද්ධ හමුදා කාන්තා පාපැදි ක්‍රීඩිකාවන් කාන්තා තරඟයේ 08 සහ 10 වන ස්ථානයන් හිමිකරගත්හ.
2023-08-21 22:07:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ‘අන්තර් ඒකක පිහිනුම් ශූරතාවලිය -2023’ අවසන් මහා තරඟ සහ සහතිකපත්‍ර ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 18) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිනුම් සංකීර්ණයේදී පැවැත්විණි.