24th July 2023 19:15:35 Hours
4 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘ශ්‍රී ලංකා සංඥා බලකා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය - 2023’ ජුලි මස 18 සහ 19 දෙදින තුළ ශ්‍රී ලංකා සංඥා බලකායේ ඒකක 11 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දස්කම් දැක්වූ අතර ලකුණු 210 ක් ලබාගනිමින් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට 4 ශ්‍රී ලංකා සංඥා බලකාය සමත්වූහ.
තරඟාවලිය සමාප්තියේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ජී. බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී සමඟින් ලුතිනන් කර්නල් ආර්.ඩී.ආර්.එම්. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගි විය.
4 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරීතුමන් ද එම අවස්ථාව සඳහා සහභාගී වූහ.
තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:
ශූරතාවය (ලකුණු 210) - 4 ශ්‍රී ලංකා සංඥා බලකාය
ප්‍රථම අනුශූරතාවය (ලකුණු 105) - 1 ශ්‍රී ලංකා සංඥා බලකාය
දෙවන අනුශූරතාවය (ලකුණු 91) - 7 ශ්‍රී ලංකා සංඥා බලකාය
හොඳම මළල ක්‍රීඩකයා - 4 ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.එච්.සී. චන්ද්‍රසේන
හොඳම මළල ක්‍රීඩිකාව - 6 ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල (කාන්තා) ටී.ජේ. හේමන්