13th September 2023 08:03:56 Hours
‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි බැඩ්මින්ටන් තරඟාවලිය -2023’ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කායවර්ධන ශාලාවේදී 2023 අගෝස්තු මස 23 දින පැවැත්විණි. එම තරඟාවලියේ ශූරතාවය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමිවූ අතර අනුශූරතාවය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දිනාගත්හ.
තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ ප්‍රමුඛ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.