2023-12-05 19:40:46
චීනයේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙල - 2023, හිදී රිදී පදක්කමක් හිමිකර ගත් 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි II කේ.ඒ.එස් දුලාන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීය.
2023-12-02 10:35:03
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2023’ නොවැම්බර් මස 27 සිට 30 දින දක්වා නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2023-11-26 22:41:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව වෙතින් රෙජිමේන්තු ටයිකොන්ඩෝ උපදේශකවරුන්ගේ දැනුම සහ උපදේශක හැකියාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පනාගොඩ යුද්ධ හමුදා කායවර්ධන ශාලාවේදී නොවැම්බර් මස 21 සිට 23 දින දක්වා ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා ටයිකොන්ඩෝ පුහුණු උපදේශකවරුන් 60 දෙනෙකු සහභාගී වූහ.
2023-11-21 21:10:35
ශ්‍රී ලංකා බොක්සිං සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ 2023 ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලිය 2023 නොවැම්බර් මස 13 සිට 17 දින දක්වා කාලය තුළ රාජකීය විද්‍යාලයීය කායවර්ධන ශාලාවේදී පැවති අතර, එම තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා පිරිමි ක්‍රීඩකයින් සුවිශේෂී කුසලතා දක්වමින් රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගැනීමට සමත්වූහ.
2023-11-17 05:22:58
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Eagle’s Cup අත්පන්දු ශූරතාවලිය’ දිවයින පුරා පිරිමි සහ කාන්තා අත්පන්දු කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් නොවැම්බර් මස 6 සිට 9 දින දක්වා ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2023-11-08 22:32:18
යුද්ධ හමුදා සුළු අවි සංගමය සහ දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය -2023...
2023-11-02 20:35:02
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය එක්ව සංවිධානය කරන ලද ‘Cavalry Supercross – 2023’ ධාවන තරඟය පාන්ගොල්ල ‘Cavalry Supercross’ ධාවන පථයේදී ත්‍රිවිධ හමුදාවේ, ක්‍රීඩා සමාජවල සහ විදේශීය ධාවකයින්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 28 සහ 29 යන දිනයන්හිදී පවත්වන ලදී.
2023-10-31 14:53:23
චීනයේ ‘Hangzhou’ හි පැවති 4 වන ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලේදී පදක්කම් හිමිකරගනිමින් මෙරටට පැමිණි ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 30) දින උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-10-25 12:19:23
චීනයේ හැංජෝවු (Hangzhou) හි පැවති 2023 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ...
2023-10-24 10:32:25
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ සිවිල් - හමුදා සහයෝගීතාවය සහ තරුණ ප්‍රජාවගේ ක්‍රීඩා කුසලතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් යෝගපුරම් බාලිකා වොලිබෝල් කණ්ඩායම සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා වොලිබෝල් කණ්ඩායම අතර වොලිබෝල් තරඟයක් එම සේනාංක මූලස්ථානයේ CIMIC උද්‍යාන ක්‍රීඩා පිටියේදී පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින පවත්වන ලදී.