14th September 2023 20:17:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා බලඇණි දෙකක් ඇතුළුව යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 208 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සැප්තැම්බර් මස 8 සිට 10 දක්වා පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථක්‍රීඩාගාරයේදී පවත්වන ලදී.
අන්තර් රෙජිමේන්තු අත්පන්දු අවසන් තරඟාවලිය ඉකුත් ඉරිදා (සැප්තැම්බර් 10) දින පැවති අතර, එම අවස්ථව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා අත්පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයූ සහභාගී විය.
අවසන් තරගාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය ලකුණු 42 ක් ලබාගෙන ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා කණ්ඩායම ලකුණු 15ක් ලබාගනිමින් අනුශූරතාවය හිමිකර ගත්හ.
පිරිමි අංශයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයින් ලකුණු 23 ක් ලබාගනිමින් ශූරතාවය දිනාගත් අතර, විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම ලකුණු 22 ක් ලබාගනිමින් තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේය.
මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.
තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:
හොඳම ක්‍රීඩකයා (පිරිමි) – බළලත් නිලධාරී II ඩබ්ලිව්.ආර්.ආර්.අයි ප්‍රියදර්ශන – ශ්‍රීලංසිරෙ
හොඳම ක්‍රීඩිකාව (කාන්තා) – මාණ්ඩලික සැරයන් එම්.එන්.සී.කේ ප්‍රේමසිරි – ශ්‍රීලංකාබ
දක්ෂතම ප්‍රහාරකයා (පිරිමි) - සාමාන්‍ය සෙබල එස්.ඩබ්ලිව්.එම් දීපාල් - විජයබාහු
හොඳම ප්‍රහාරකයා (කාන්තා) - ලාන්ස් කෝප්‍රල් එම්.යූ මලවිආරච්චි - ශ්‍රීලංකාබ
දක්ෂතම පන්දු රකින්නා (පිරිමි) – කෝප්‍රල් එස්.පී.එස්.එම් අමරසිංහ – ශ්‍රීලංසිරෙ
දක්‍ෂතම පන්දු රකින්නා (කාන්තා) – ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඒ.එස්. විජේරත්න - ශ්‍රීලංකාබ