Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2023 21:12:11 Hours

අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශුරතාවලිය 2023 ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‘ඒ’ කණ්ඩායමට

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් කණ්ඩායම් ශූරතාව - 2023 අවසන් තරඟය පනාගොඩ ගෟහස්ථ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘ඒ’ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘බී’ කණ්ඩායම අතර පැවැත්විය.

ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘A’ සහ ‘B’ කණ්ඩායම් වශයෙන් කණ්ඩායම් 2 ක් සමඟින් නෙට්බෝල් කණ්ඩායම් 6ක් මෙහිදී තරඟ වැදිණි.

යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘A’ සහ ‘B’ කණ්ඩායම් අතර පැවති අවසන් තරඟය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, එහිදී යුද්ධ හමුදා කාන්තා බලකා ‘A’ කණ්ඩායම ලකුණු 28/16ක් ලෙස ලබාගනිමින් ශූරතාව දිනා ගන්නා ලදී.

අවසන් තරගය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 22) දින පැවති අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගී විය.

අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ශූරතාවය සඳහා හිමි කුසලාන සහ කුසලතා සම්මාන පිරිනැමූ අතර, අවසන් මහා තරඟය නැරඹීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා නිළධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.