Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2023 21:15:20 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා උළෙලේදී නව වාර්තා රැසක්

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා තරඟාවලිය - 2023’ පුරා දින තුනක් පැවැත්වීමෙන් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. තරඟාවලියේදී ක්‍රීඩා ඉසව් 24 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට අධික සංඛ්‍යාවක් තරඟ වැදුණු අතර, එහිදී නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා වාර්තා බිහිකෙරිණි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකප්‍ර ප්‍රදානය කරනු ලැබීය.

තරඟාවලියේදී, නව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා වාර්තා එකොළහක් බිහිකරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම විශිෂ්ඨ ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කළහ. තූර්ය වාදක කණ්ඩායම සහ සංස්කෘතික කණ්ඩායම වෙතින් සංදර්ශනය සමාප්ති දින උත්සවය වඩාත් වර්ණවත් කෙරිණී.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ජාතික මළල ක්‍රීඩා සම්මේලනයේ නියෝජිතයින් සහ සෙසුනිලයන් රැසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා තරඟාවලියට සමගාමීව 2023 සැප්තැම්බර් මස 06 සහ 07 දෙදින තුළ පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා කඹ ඇදීමේ තරඟාවලිය පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා උළෙලේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

පිරිමි කාණ්ඩයේ ශූරතාවය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම
පිරිමි කාණ්ඩයේ අනුශූරතාවය - ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම
කාන්තා කාණ්ඩයේ ශූරතාවය - 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම
කාන්තා කාණ්ඩයේ අනුශූරතාව - 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා කණ්ඩායම
තරඟාවලියේ දක්‍ෂතම මළල ක්‍රීඩකයා - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබළ ආර්.පී.අයි. ලක්‍ෂාන්
තරඟාවලියේ දක්‍ෂතම මළල ක්‍රීඩිකාව - 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් එච්.එල්.එන්.බී. ලේකම්ගේ
කඹ ඇදීමේ ශූරතාවය - ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම
කඹ ඇදීමේ අනුශූරතාවය - 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම

මළල ක්‍රීඩා උළෙලේදී පිහිටවූ නව වාර්තා සහ එම ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

මීටර් 10000 කාන්තා කාණ්ඩය (කාලය -37.04.36) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් සී. හේරත්
මීටර් 100 කාන්තා බාධක දිවීම (කාලය – 13.92) – ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් එල්. සුගන්දි
මීටර් 3000 කාන්තා බාධක දිවීම (කාලය – 11.05.25) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් සී. හේරත්
සහය දිවීම (කාලය 1.52.74) - ශ්‍රී ලංකා පාබල හමුදාව
රිටි පැනීමේ පිරිමි කාණ්ඩය (උස - මීටර් 5.10) - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබල ඒ. පුවිතාරන්
තුන් පිම්ම කාන්තා කාණ්ඩය (දුර - 13.04) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබල ඊ.එම්.එස්. උපේක්‍ෂා
මිටිය විසිකිරීමේ කාන්තා කාණ්ඩය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් සී. අමරසිංහ
මීටර් 400 පිරිමි කාණ්ඩය (කාලය - 46.80) - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබල ආර්.පී.අයි. ලක්‍ෂාන්
මීටර් 400 x 4 සහය දිවීමේ පිරිමි කාණ්ඩය (කාලය - 3.11.87) -ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
මීටර් 100 කාන්තා කාණ්ඩය (කාලය - 12.04) - ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල කාන්තා එල්. සෆියා
මීටර් 100 x 4 සහය දිවීම කාන්තා කාණ්ඩය (කාලය – 485.84) – 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය