13th September 2023 08:12:45 Hours
පසුගියදා පැවැති ‘සමස්ත ලංකා ශක්ති බර ඉසිලීමේ තරඟාවලියේ’ පිරිමි කාණ්ඩයේ සමස්ත ජාතික ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයන් සමත්වූහ. වාද්දුව විජය කුමාරතුංග ශ්‍රවණාගාරයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 09) දින පැවති තරගාවලිය සඳහා තවත් ප්‍රතිවාදී කණ්ඩායම් දහයක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කිලෝග්‍රෑම් 66, කිලෝග්‍රෑම් 93 සහ කිලෝග්‍රෑම් 120 යන කාණ්ඩයන් තුළින් රන් පදක්කම් 3 ක් දිනාගැනීමට සමත්විය. තරඟාවලියේ දක්‍ෂතම බර ඉසිලීමේ ක්‍රීඩකයාට හිමි සම්මානය 6 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සැරයන් ආර්.ඩී.සී.කේ. රාජපක්‍ෂ විසින් දිනාගන්නා ලදී.
තරගාවලියේදී කිලෝග්‍රෑම් 105 කාණ්ඩයේ රන් පදක්කම කෝප්‍රල් ආර්.එම්.එස්.එස් රත්නායකටත් කිලෝග්‍රෑම් 120 කාණ්ඩයේ රන් පදක්කම් සාමාන්‍ය සෙබළ කේ.ටී. විමන්ත ටත් හිමිවිය. සාමාන්‍ය සෙබළ එච්.ඒ.එස්.එස්. හෙට්ටිආරච්චි, ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.වී.එස්.සී. ජයරත්න රිදී පදක්කම් 2 ක් දිනාගත් අතර කෝප්‍රල් ඩී.එස්.සී. රාමනායක ලෝකඩ පදක්කමක් හිමිකරගත්තේය.