Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2023 20:13:46 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ජෙරිමේන්තුව සංවිධානය කරනු ලැබු අන්තර් රෙජිමේන්තු පාපැදි ශූරතාවලිය - 2023 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ජෙරිමේන්තුව සංවිධානය කරනු ලැබු අන්තර් රෙජිමේන්තු පාපැදි ශූරතාවලිය - 2023 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තුවේ ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළු පාපැදිකරුවන් 133 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 7 සහ 8 දිනයන්හිදී උඩවලව ප්‍රදේශයේදී පවත්වන ලදී.

පාපැදි තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සහ යුද්ධ හමුදා පාපැදි කමිටු සභාපති මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී සහභාගී විය.

විවිධ කාණ්ඩ සහ නිපුණතා මට්ටම් මෙන්ම වයස් සීමාවන් යටතේ මෙම පාපැදි තරඟාවලිය පවත්වන ලදී. පිරිමි කාණ්ඩය, කාන්තා කාණ්ඩය, වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩය, ඒකළ සහ කණ්ඩායම් යන ඉසව් තුළින් තරඟාවලිය පැවැත්විණි.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වූ පාපැදි තරඟකරුවන් ලකුණු 104 ක් ලබාගනිමින් තරඟාවලියේ ශූරතාවයට හිමිකම් කීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ පාපැදි තරඟකරුවන් ලකුණු 50ක් ලබාගනිමින් අනුශූරතාවය දිනාගැනීමට සමත් වූහ.

අන්තර් රෙජිමේන්තු පාපැදි ශූරතාවලිය - 2023 සඳහා යුද්ධ හමුදා රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් පාපැදි ධාවකයින් සහභාගී වූහ.