2024-02-28 16:23:42
තඹුත්තේගම මහවැලි ක්‍රීඩා පිටියේදී පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 24) දින පැවති ‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලිය - 2024’ තරඟාවලියේ ජයග්‍රහණය යුද්ධ හමුදා කබඩි කණ්ඩායම හිමිකර ගත්හ. මූලික තරඟවලින් අනතුරුව අවසන් මහා තරගයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කබඩි කණ්ඩායම තරඟ වැදුනු අතර, අනතුරුව පැවති තියුණු තරඟයකින් පසුව යුද්ධ හමුදා කබඩි කණ්ඩායම ශූරතාවය හිමි කර ගත්හ.
2024-02-23 17:31:28
අඛණ්ඩව 57 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 23) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානය අසලින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.
2024-02-16 15:36:38
4 වන අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත පිහිනුම් ශූරතාවලිය පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ගල්කිස්ස මුහුදු වෙරළ තීරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.
2024-02-12 11:38:07
8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි පිහිනුම් තරඟාවලිය - 2024, අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී 2024 පෙබරවාරි මස 08 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
2024-02-08 18:43:26
යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර අනෝන්‍ය සුහදතාවය ප්‍රවර්ධනය කිරීම සහ 51 පාබල සේනාංකය වෙතින් යාපනයේ තරුණ තරුණියන් අතර ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින 51 පාබල සේනාංක සිවිල්-හමුදා ක්‍රීඩා උද්‍යානයේ දී පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
2024-02-08 18:40:35
‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි කබඩි තරඟාවලිය - 2024’ පසුගිය ඉරිදා (2024 ජනවාරි මස 28) දින කබඩි කණ්ඩායම්වල සහභාගීත්වයෙන් වව්නියාව, කරප්පුකුට්ටි ප්‍රදේශයේ පිහිටි 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
2024-02-05 19:48:59
දියතලාවේදී පැවති අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023, ජයග්‍රහණය කරනු ලැබූ කාලතුවක්කු හමුදාවේ කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොඩ්රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්විණි.
2024-02-02 16:06:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘නිදහස් ශූරතා අත්පන්දු ශූරතාවලිය - 2024’ ‘Rendezvous’ ක්‍රීඩා පිටියේදී එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (ජනවාරි මස 31) දින පවත්වනු ලැබීය.
2024-01-31 20:08:48
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය, ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය (SLARDAR) විසින් සංවිධානය කරන ලද ‘Nippon Paint - Car and Racing National Championship Awards Ceremony - 2023’ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරී නිවස්නයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්වීය.
2024-01-30 19:18:31
අම්පාර සටන් පුහුණු පාසලේ පාඨමාලාවන් හදාරන්නන්ගේ සහභාගීත්වයෙන් එම පුහුණු පාසල් ක්‍රීඩා පිටියේදී සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින සංවිධානය කරන ලදී.