Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2024 18:40:35 Hours

‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි කබඩි තරඟාවලිය - 2024’ හි ජය 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි කබඩි තරඟාවලිය - 2024’ පසුගිය ඉරිදා (2024 ජනවාරි මස 28) දින කබඩි කණ්ඩායම්වල සහභාගීත්වයෙන් වව්නියාව, කරප්පුකුට්ටි ප්‍රදේශයේ පිහිටි 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

තරඟාවලියේ ශූරතාවය 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම දිනාගත් අතර 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය. මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.