30th January 2024 19:18:31 Hours
අම්පාර සටන් පුහුණු පාසලේ පාඨමාලාවන් හදාරන්නන්ගේ සහභාගීත්වයෙන් එම පුහුණු පාසල් ක්‍රීඩා පිටියේදී සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින සංවිධානය කරන ලදී.
තරඟාවලිය සඳහා කණ්ඩායම් 08ක් සහභාගී වූ අතර, එහිදී එම පුහුණු පාසලේ කාර්යය මණ්ඩල කණ්ඩායම ශූරතාවයත්, නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා කණ්ඩායම අනුශූරතාවයත් හිමිකර ගත්හ.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන් හෙට්ට්ආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන ප්‍රදානය කරන ලදී.