2024-06-19 14:00:28
’48 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි ජාතික මට්ටමේ කරාතේ තරඟාවලිය - 2024’ ජුනි මස 6 සිට 9 දින දක්වා මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ඉසව් 07 ක් තුළින් රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනාගැනීමට සමත්වූහ. එමෙන්ම, යුද්ධ හමුදා කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් ද ලෝකඩ පදක්කමක් දිනාගත්හ.
2024-06-07 13:17:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘අන්තර් බලඇණි දැල්පන්දු ශූරතාවලිය - 2024’ අවසන් මහා තරඟය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 30 දින සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකයේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මිය සහභාගී වූහ.
2024-06-04 18:21:08
ශ්‍රී ලංකා සෙපැක්ටැක්රෝ සම්මේලනය වෙතින් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මැයි මස 05 දින පැවැත්වූ ජාතික සෙපැක්ටැක්රෝ හූප් (Hoop) සහ සෝලෝ (Solo) තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දක්ෂතා එළිදැක්වූහ.
2024-06-02 06:14:35
‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2024’ තරඟාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මැයි මස 12 සිට 16 දින දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම මෙම තරඟාවලියේදී සිය දක්ෂතා විදහා දක්වමින් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත්වූහ.
2024-05-29 06:38:19
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන චීනයේ පැවති 2024 ‘2nd Belt & Road Athletic Invitation Meet’ තරඟාවලියේ මීටර් 400 ධාවන ඉසව්ව තත්පර 45.48 ක කාලසීමාවක් තුළ අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනාගත්තේය.
2024-05-23 18:20:33
‘79 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය’ 2024 මැයි මස 12 සිට 19 දින දක්වා කාලය තුළ ටැන්සානියාවේ ඩාර් එස් සලාම් (Dar es Salaam) හිදී සාමාජික රටවල් 140 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2024-05-21 20:50:54
ජපානයේ පැවති කෝබේ 2024 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී පැරා හෙල්ල විසිකිරීම F-44 කාණ්ඩයේ ලෝක වාර්තාවක් (දුර - මීටර් 66.49) පිහිටුවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරී II කේ.ඒ සමිත දුලාන් සමත් විය.
2024-05-21 20:47:02
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව අතර එකමුතුභාවය සහ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් 551 පාබල බලසේනාවේ සහ 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මැයි මස 14 දින සිට මැයි 17 දින දක්වා කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.
2024-05-19 13:38:32
56 පාබල සේනාංකය විසින් 561 පාබල බලසේනාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබූ අන්තර් ඒකක කබඩි තරගාවලිය, 2024 මැයි මස 14 දින 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.
2024-05-15 18:32:21
දියගම බේස්බෝල් ක්‍රීඩා පිටියේදී 2024 මැයි මස 11 දින පැවති ජාතික බේස්බෝල් සුපර් ලීග් - 2024 තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බේස්බෝල් කණ්ඩායම ලකුණු 4 ට 3 ක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරදවා ශූරතාවය හිමකර ගන්නා ලදී.