02nd February 2024 16:06:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘නිදහස් ශූරතා අත්පන්දු ශූරතාවලිය - 2024’ ‘Rendezvous’ ක්‍රීඩා පිටියේදී එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (ජනවාරි මස 31) දින පවත්වනු ලැබීය.
දෙදිනක් පුරා පැවති මෙම ක්‍රීඩා තරඟාවලිය සඳහා සිවිල් ක්‍රීඩා සමාජ සහභාගී වූ අතර, තියුණු මුහුණුවරක් ගත් අවසන් මහා තරගයේදී කඩුවෙල, බෝමිරිය ක්‍රීඩා සමාජය පරාජය කරමින් කඩුගොඩ, සමගිතරු ක්‍රීඩා සමාජය ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා ක්‍රීඩා කණ්ඩායම් දක්වනු ලැබූ කැපවීම සහ දායකත්වය අගයමින් ජයග්‍රාහකයින්, අනුශූරයන් සහ සහභාගී වූ සියලුම ක්‍රීඩකයින් වෙත කුසලාන, මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.
උත්සව අවස්ථාවට ගෞරවනීය ආරාධිතයන් ලෙස සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් පවිත්‍රා ගමගේ මහත්මිය, කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්.පී.ගොනල්ගොඩ, ‘Royal Fernwood Porcelain Ltd’ හි මංගල කරතොට සහ සාලාව වතුයායේ සහකාර අධිකාරී ජී.එච්.ඒ.ඉසුරංක යන මහත්වරුන් සහභාගී වූහ.