28th February 2024 16:23:42 Hours
තඹුත්තේගම මහවැලි ක්‍රීඩා පිටියේදී පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 24) දින පැවති ‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලිය - 2024’ තරඟාවලියේ ජයග්‍රහණය යුද්ධ හමුදා කබඩි කණ්ඩායම හිමිකර ගත්හ. මූලික තරඟවලින් අනතුරුව අවසන් මහා තරගයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කබඩි කණ්ඩායම තරඟ වැදුනු අතර, අනතුරුව පැවති තියුණු තරඟයකින් පසුව යුද්ධ හමුදා කබඩි කණ්ඩායම ශූරතාවය හිමි කර ගත්හ.
එම තරඟාවලියට සමගාමීව පසුගිය බදාදා (පෙබරවාරි මස 21) දින මහරගම, ජාතික තරුණ සභාවේදී පැවැති ‘විශන් නිදහස් කුසලාන කබඩි ශූරතාවලිය -2024’ ශූරතාවය හිමිකර ගැනීමට ද යුද්ධ හමුදා කබඩි කණ්ඩායම සමත් වූහ. ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් කණ්ඩායම් ඇතුළුව දිවයින පුරා විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කබඩි කණ්ඩායම් 11 ක් මෙම ශූරතාවලියට සහභාගි වූහ.