25th August 2023 20:32:26 පැය
513 පාබල බලසේනාවේ 28 වන සංවත්සරය වෙනුවෙන් එම බලසේනාවේ 150 කට අධික භටපිරිසක් ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු 19) යාපනයි තෙලිප්පලෙයි මූලික රෝහල් පරිශ්‍රයේදී රෝගීන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිර පරිත්‍යාග කරන ලදී.
25th August 2023 20:20:09 පැය
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වායු මෙට්ට අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් 143 පාබල බලසේනාවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන් පිරිසකගේ දායකත්වයෙන් එම රෝහලට වායු මෙට්ට 10 ක් පසුගිය සඳුදා දින (අගෝස්තු 21) ප්රදානය කරන ලදී.
24th August 2023 22:13:22 පැය
61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනාවට අයත් 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු පසුගිය අඟහරුවාදා දින (අගෝස්තු 22) වරකාපොල, කොස්කැලේ, ඕපාත පොදු රක්ෂිත ප්‍රදේශයේ හටගත් විශාල ලැව්ගින්නක් මැඩපැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
23rd August 2023 22:49:06 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ 542 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුවේ ‘Willing Hearts Foundation’ සහ වවුනියාවේ ‘මහා කරුණා සංගමයේ’ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මන්නාරම දිස්ත්‍රික්කයේ, මඩු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 150 දෙනෙකු සඳහා පාසල් උපකරන සහ වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 22) දින මඩු දේවස්ථානයේදී පැවැත්වීය.
23rd August 2023 02:51:23 පැය
වැල්ලවාය ප්‍රදේශයේ කොටිගම්බොක්ක, තිත්තමුලකන්ද රක්ෂිතයේ පසුගිය සඳුදා (අගෝස්තු මස 21) දින සවස 5.50 ට පමණ හටගත් විශාල ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ භටපිරිස් කටයුතු කරන ලදී.
22nd August 2023 22:02:33 පැය
21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අනුරාධපුර, එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ආරක්ෂක අංශ සාමාජිකයින්, පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සහ සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද පිහිනුම් තටාක සංකීර්ණය පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින විවෘත කරන ලදී.
21st August 2023 22:34:33 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකයේ භටපිරිස් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 18) දින සංවිධානය කරන ලදී.
21st August 2023 21:58:09 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 7 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කෝවිල්කුඩුඉරුප්පු හි පිහිටි අම්මාන් කෝවිල අවට පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 19) දින සංවිධානය කරන ලදී.
21st August 2023 21:52:07 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ හරවත් දේශනයක් උන්නාච්චි ධීවර සංගම් ශාලාවේදී පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා එම බලකායේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු ඇතුළුව උන්නිච්චි ප්‍රදේශයේ තරුණයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූහ.
20th August 2023 20:36:52 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ 211 පාබල බලසේනාව සම්බන්ධීකරණයෙන් මහජන බැංකු බෞද්ධ සංගමයේ අනුග්‍රාහකත්වය ඇතිව පදවිය කුඩාරත්මලේ විද්‍යාලය, වැලිඔය ජනකපුර විද්‍යාලය සහ හැලඹවැව විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 132 දෙදෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින එම පාසල් පරිශ්‍රයන්හීදී සිදුකරනු ලැබූහ.