Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2023 20:20:32 Hours

22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසු සිසුවියන්ට ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර කට්ටල පරිත්‍යාගයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල සිසු සිසුවියන්ට අත්වැලක් සැපයීමේ අරමුණින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංක මූලස්ථානයේ ඉල්ලීමකට අනුව කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ නියෝජිතයින්ගේ අනුග්‍රාහකත්වය මත පාසල් සිසු සිසුවියන් 1555 දෙනෙකු වෙත ප්‍රශ්ණ පත්‍ර කට්ටල සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර බෙදාදීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 18 දින ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන යටතේ 221, 222 සහ 223 පාබල බලසේනා මූලස්ථානයන්, 20 ගජබා රෙජිමේන්තුව, 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය යන ඒකකයන්හි භටපිරිස්හි සම්බන්ධීකරණය මත පදවි ශ්‍රීපුර ජයන්තිවැව ප්‍රාථමික විද්‍යාලය, සීනිපුර, කන්තලේ ප්‍රදේශයන්හි පාසල්, මැදවච්චිය මහා විද්‍යාලය සහ මොරවැව විද්‍යාලය වෙත ගොස් එම පාසල්වල සිසු සිසුවියන් අතර ආදර්ශ ප්‍රශ්ණ පත්‍රයන්හි 1 සහ 2 කොටස් බෙදාදෙනු ලැබීය.

221, 222 සහ 223 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් හා 22 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීතුමන්ගේ සම්බන්ධීකරණය සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත ‘පහට පහක්’ යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී සෑම සිසු සිසුවියෙකුටම ආකෘති ප්‍රශ්ණ පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර කට්ටල පරිත්‍යාග කෙරිණි.