Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2023 08:10:22 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉරල්කුලම් ප්‍රදේශයේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

ඉරල්කුලම් ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සහ සිසු සිසුවියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ සලකා බලමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 232 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සැප්තැම්බර් මස 23 දින ඉරල්කුලම් රජයේ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී අනුග්‍රාහක භවතුන් ගේ සහයෝගය මත පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහනේදී, මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ඉරල්කුලම් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙනුවෙන් රුපියල් 7600/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 50 ක් සහ ඉරල්කුලම් රජයේ මිශ්‍ර පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 41 දෙනෙකු සහ පෙරියවඩ්ඩුවාන් කන්නගි පාසලේ සිසු සිසුවියන් 17 දෙනෙකු වෙත රුපියල් 200,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ ද පරිත්‍යාග කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් හා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් බී.එම්.සී. වන්නිනායක විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා ප්‍රියන්ත විජේසිංහ මහතා, දුෂාන් ජයවර්ධන මහතා සහ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි අනුග්‍රාහකත්වය හිමිවූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී වූ අතර 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 232 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිවරුන් සහ ප්‍රතිලාභීන් ද සහභාගී වූහ.