26th September 2023 22:00:28 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි 21 පාබල සේනාංකය සහ 211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන 5 ශ්‍රේණියේ සිසුන් 500 කට අධික පිරිසකට ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදුන්හ.
211 පාබල බලසේනාවේ ඉල්ලීමකට අනුව පදවිය මහජන බැංකුව සහ ‘Imashi Publications Limited’ හි අනුග්‍රහකත්වය මත මෙම ව්‍යාපෘතියට සමගාමීව සිසුන් සඳහා නොමිලේ සම්මන්ත්‍රණයක් ද පවත්වන ලදී. පදවිය අ/බුද්දංගල මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා (9) දින පැවති ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදීම සහ සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්.කන්දනාරච්චි ආර්එස්පී සහභාගී විය.
මෙම අවස්ථාවට ‘Imashi Publications Limited’ හි නියෝජිතයින්, පදවිය මහජන බැංකුවේ නිලධාරීන්, 9 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.
මෙවන් වැඩසටහන් තුළින් සිසුන්ගේ අනාගත සහ අධ්‍යාපන බලාපොරොත්තු සඳහා රුකුලක් වීම යුද්ධ හමුදාවේ අපේක්ෂාව වේ. 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.