21st September 2023 22:06:20 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින සිදුකරනු ලැබීය.
521 පාබල බලසේනාවේ උපදෙස් මත සිදුකරනු ලැබූ මෙම වැඩසටහන සඳහා පේදුරුතුඩුව ප්‍රදේශයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
භටපිරිස් විසින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන ප්‍රදේශයේ ජනතාවගේ ඇගයීමට ලක්වූ අතර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වෙරළ තීරයේ අපද්‍රව්‍ය විශාල වශයෙන් රැස්වීම හේතුවෙන් දැඩි පරිසර දූෂණයක් සිදුව ඇති බවත් අනාවරණය විය.