04th January 2024 19:23:35 Hours
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ඉදිකිරීමට යෝජිත ‘ළමා පියස’ දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් ජනවාරි මස 04 (බ්‍රහස්පතින්දා) දින මුල්ගල් තැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සිදුකරනු ලබන මුල්‍ය දායකත්වය රොෂාන් මහානාම අරමුදල සම්බන්ධීකරණය මත සිදුකෙරේ. රෝහල් කාර්යය මණ්ඩලයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය අවශ්‍ය බව මේජර් ජෙනරල් කුමුදු පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ (විශ්‍රාමික) යුද්ධ හමුදාධිපතිතුමන් වෙත දැනුම් දෙනු ලැබීය. ඒ අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 12 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබයි.
මෙම අවස්ථාවට 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, රොෂාන් මහානාම අරමුදලේ නිලධාරීන් සහ රෝහල් කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගී වූහ.