01st January 2024 18:41:13 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ දමිළ භාෂාවන් කතා කරන ළමුන් අතර භාෂා දැනුම ලබාදීමේ අරමුණින් මීට මසකට පෙර වැලිකන්ද නෙළුම්වැව මහා විද්‍යාලයේ සිංහල සිසුන් සඳහා දමිළ භාෂා පාඨමාලාවක් ආරම්භ කරන ලදී. එහි දෙවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 30) දින කොක්අඩිචෝලේ R.K.M විද්‍යාලයේ දී ආරම්භ කල අතර, ඒ සඳහා සිංහල සිසුන් 103 දෙනෙකු සහභාගී වූහ.
වැඩසටහනේ ආරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, පූජ්‍ය පක්ෂය, ගුරුවරුන්, දෙමාපියන්, ‘සාමය සඳහා වූ සර්ව ආගමික එකමුතුව’ සංවිධානයේ නිලධාරීන් සහභාගී වූහ. එම සංවිධානයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම උත්සවයේදී සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදුන් අතර, එම අවස්ථාවේදී සිසුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සංස්කෘතික ප්‍රසංගයේදී ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර උපදෙස් යටතේ 11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.