Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2024 18:49:05 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරයි

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් ඇද වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා අවහිර වී තිබූ එම දුම්රිය මාර්ගය ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම මත පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින නැවත යථා තත්ත්වයට පත්කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේඋපදෙස් මත භටපිරිස් විසින් මෙම කාර්යය සිදුකරන ලදී.

නිලධාරියෙකු සහ සෙසු නිලයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පැය කිහිපයක් ඇතුළත මාර්ගයේ අවහිරතාවයන් ඉවත් කර යථා තත්ත්වයට පත්කළහ.