01st January 2024 19:07:15 Hours
17 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කොලොඹුතුරේ ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන කුඩා දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දින ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.
මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 512 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මාස තුනක් ඇතුළත නව නිවසේ ඉදිකිරීම් සාර්ථකව සිදුකරන ලදී. කැනඩාවේ පදිංචි දානපති දොරේඅප්පා පවුල විසින් මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මුල්‍යමය පරිත්‍යගය සිදුකරන ලද අතර, මෙම නිවස යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ 772 වන නිවස වෙයි.
ප්‍රතිලාභීන් වෙත නව නිවස ලබාදීමේ උත්සව අවස්ථාවට 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 17 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ කොලඹුතුරේ ගම්මානයේ සිවිල් වැසියන් ද සහභාගී වූහ.