02nd January 2024 18:24:08 Hours
මුලතිව් දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා 10 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 29) දින මල්ලාවි මූලික රෝහල් පරිශ්‍රයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් සහ මල්ලාවි රෝහල් කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.