Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 19:53:44 Hours

11 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කරයි

11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 125 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ජනවාරි මස 28) දින කරෙයිනගර් සංස්කෘතික ශාලා පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

කුරුණෑගල ‘ශ්‍රී මුරුන්කන් ප්‍රදීපාලෝක වැඩසටහන’ මෙම වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබා දුන් අතර, ප්‍රදේශයේ පාසල්හි විදුහල්පතිවරුන්ගේ සහ ග්‍රාමනිලධාරී මහතුන්ගේ සහයෝගය ඇතිව අවශ්‍යතා සහිත පාසල් ළමුන් තෝරාගැනීම සිදුකරන ලදී.

11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් කේ.වී.එස්.එස් විතානගේ යූඑස්පී ගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කුරුණෑගල - ශ්‍රී මුරුන්කන් ප්‍රදීපාලෝක වැඩසටහනේ නිලධාරීන් සහ ප්‍රථිලාභී සිසුන්ගේ දෙමාපියන් සහභාගි වූහ.