31st January 2024 19:59:40 Hours
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 221, 222 සහ 223 පාබල බලසේනා බල ප්‍රදේශයන්හි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජීවත් වන නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නව නිවාස තුනක් ඉදිකිරීමට මුල්ගල් තැබීම ආගමික චාරිත්‍රානුකූලව ජනවාරි මස 28 සහ 29 යන දිනයන්හි දී පැවැත්වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත ප්‍රදේශයේ සිවිල් - හමුදා යෝගීතාවය වැඩි දියුණු කිරිමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී සම්බන්ධීකරණයෙන් දානපතියන් විසින් ඒ සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.
ත්‍රිකුණාමලය, මහමායාපුර, ගාමිණී දිසානායක පාර, අංක 81/1 දරණ ස්ථානයේ පදිංචිව සිටින යශෝදරා ලක්මාලි පෙරේරා මහත්මියගේ නව නිවස ඉදිකිරීම සඳහා පසුගිය ඉරිදා (ජනවාරි මස 28) දින මුල්ගල තැබූ අතර, 221 පාබල බලසේනාවේ සහ 2(ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුමත්, රොහාන් ගුණසේකර මහතා විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වයත් දක්වන ලදී.
නීලපොල, දෙහිවත්ත, LB/07 හි පදිංචි මල්ලිකා චන්ද්‍රලතා මහත්මියගේ නව නිවස ඉදිකිරීම සඳහා පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින මුල්ගල තැබූ අතර, 222 පාබල බලසේනාවේ සහ 9 විජයබාහු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුමත්, චින්තික අබේරත්න මහතා මහතා විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වයත් දක්වන ලදී.
මොල්ලිපොතාන, තිස්සපුර ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.ඒ.සී දිනේෂ් කුමාර මහතාගේ නව නිවස ඉදිකිරීම සඳහා පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින මුල්ගල තැබූ අතර, 223 පාබල බලසේනාවේ සහ 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුමත්, ප්‍රසිද්ධ ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතා විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වයත් දක්වන ලදී.
ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී මහතුන්ගේ සහයෝගය ඇතිව නිවාස අවශ්‍යතා සහිත පවුල් තෝරාගත් අතර, එක් නිවසක් සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 1.35 ක් වන අතර මාස 03 ක් ඇතුළත එම නිවාසයන් සම්පූර්ණයෙන්ම නිම කිරීමට අපේක්ෂා කෙරේ.