31st January 2024 20:04:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්. කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආර්ය පදනමේ අනුග්‍රාහකත්වයෙන් එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාත්මික, මානසික සහ ධනාත්මක ආකල්ප ගොඩ නැගීමේ අරමුණින් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ‘රෙන්ඩෝවසර් ක්‍රීඩා ප්‍රේක්‍ෂකාගාරය’ හිදී ‘උදාරයි ඔබ’ වැඩසටහන පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පවත්වන ලදී.
උත්සව අවස්ථාවට පැමිණි ආර්ය පදනමේ සාමාජිකයින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව එම පිරිස රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් දිවංගත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී රණවිරුවාගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විය. අනතුරුව කීර්තිමත් මාධ්‍යවේදියෙකු සහ ආර්ය පදනමේ සභාපති චරිත් කිරිඇල්ල, ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය රණතුංග, යෝගා උපදේශක අසේල ගුණරත්න, රංගන ශිල්පීන් වන බන්දු සමරසිංහ, කුමාර තිරිමාදුර යන මහත්වරුන් සහ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය විසින් ජාතියේ ආරක්‍ෂකයින් ලෙස සොල්දාදුවන්ගේ කාර්යභාරය ඇගයීම යන මාතෘකා යටතේ දේශනයන් පවත්වන ලදී.
වැඩසටහන අතරතුරදී ප්‍රවීණ සංගීතවේදී ජගත් වික්‍රමසිංහ, ඉන්ද්‍රජිත් දොලමුල්ල, රංගන ශිල්පී චාමි සේනානායක යන මහත්වරුන් සහ ගායන ශිල්පී හිත්මි පංකජා මහත්මිය විසින් දේශාභිමානී ගීත ගායනා කරමින් වැඩසටහනට ගෞරවයක් හා අභිමානයක් එක් කළේය.
ආර්ය පදනමේ ජාතික සංවිධායිකා සුනේත්‍රා සෙනෙවිරත්න මහත්මිය විසින් ස්තූති කතාව සිදුකරමින් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ජා බලසේනාවේ සේනාවිධායකතුමන්, නියෝජ්‍ය සේනාවිධායකතුමන් ඇතුළු සියලූ දෙනා වෙත සිය කෘතවේදීත්වය පළකරන ලදී.
ආර්ය පදනම මගින් යුද සාහිත්‍ය සහ ඉතිහාස පිළිබද ලියවුණු රු 50,000.00 ක් පමණ වටිනාකමකින් යුත් ග්‍රන්ථ පරිත්‍යාගයක්ද මෙහිදී සිදුකරන ලද අතර, අනතුරුව ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් වැඩසටහන සඳහා දායකත්වය ලබාදුන් ආර්ය පදනමේ සාමාජිකයින්ගේ සේවාවන් අගයමින් ඔවුන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී.
වැඩසටහන සඳහා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.